නිවසේ සිටම ප්‍රතිකාර ලබාගන්නා COVID-19 රෝගියෙකු, වහාම රෝහල්ගත කළ යුත්තේ කුමන අවස්ථාවකදී ද?

නිවසේ සිට ප්‍රතිකාර ලැබීමට සුදුසු බවට තෝරාගෙන ලියාපදිංචි කිරීමෙන් අනතුරුව, නිවසේ සිට ප්‍රතිකාර ලැබීමට සුදුසු බවට තෝරාගෙන ලියාපදිංචි කිරීමෙන් අනතුරුව, වෛද්‍ය උපදෙස් අනුව COVID-19 රෝගයට ප්‍රතිකාර ලබන අයෙක් විශේෂයෙන් සැලකිලිමත් විය යුතු කරුණු කිහිපයක් තිබෙනවා.
⦾ උපරිමයෙන් විවේක ගැනීම,⦾ ප්‍රමාණවත් ලෙස ජලය පානය කිරීම,⦾ පෝෂ්‍යදායී සමබර ආහාර වේලක් ගැනීම,සහ⦾ රෝගය උත්සන්න වන බවට වන ලක්ෂණ පිළිබඳ අවධානයෙන් සිටීම මේවායින් ප්‍රධාන වනවා.
විවේකීව සිටියදී හෝ අඩි දහයක් දොළහක් පමණ ඇවිද යද්දී හති වැටේ නම් හෝ හුස්ම ගැනීමට අපහසු බවක් දැනේ නම්, එය එම රෝගියා වහාම රෝහල්ගත කළ යුතු තත්ත්වයක සිටින බව බව පෙන්නුම් කරන ප්‍රධානතම ලක්ෂණයක්. අට වාරයක් - දහ වාරයක් පමණ පුටුවකින් හිඳ ගැනීම හා නැගිටීම සිදුකිරීම හෝ වෙනත් සුළු ව්‍යායාමයක දී හතියක් ඇතිවේ දැයි පරික්ෂා කිරීමත් මෙහි දී කරන්න පුලුවන්.
රුධිරයේ ඔක්සිජන් සාන්ද්‍රණය මැනිය හැකි pulse-oximeter උපකරණයක් නිවසේ ඇත්නම් එය ආධාරයෙනුත් අපට රෝගියාගේ තත්වය ගැන අදහසක් ලබාගන්න පුලුවන්. මෙවැනි අවස්ථාවක සිරුරේ ඔක්සිජන් සාන්ද්‍රණය 96% ට වඩා අඩු අගයක් ගන්නා බවට පෙනේනම් වහාම රෝහල්ගත වීමට කටයුතු කළ යුතුය. එවන් උපකරණයක් නැතිනම් පෙර කී අවදානම් ලක්ෂණ පමණක් සලකා බලා වුවත් රෝහල්ගතවීම ගැන වෛද්‍ය උපදෙස් වෙත යොමු වීම ඉක්මනින් කළ යුතුයි.
මෙයට අමතරව,⦾ නිතර පවතින පපුවෙහි බර ගතිය හෝ පපුවේ වේදනාව⦾ තොල කට වියළී යාම, මූත්‍රා පිටවීම අඩු වීම වැනි විජලනයේ ලක්ෂණ⦾ සිහි කල්පනාව වෙනස් වීමයනාදී රෝග ලක්ෂණ ද කොවිඩ් ආසාදිතයෙකු වහාම රෝහල් ගත යුතු අවස්ථාවට පැමිණ ඇති බවට සාධක වෙනවා.
එමෙන් ම, රෝගියා මුල සිට පෙන්නුම් කළ රෝග ලක්ෂණ ක්‍රම ක්‍රමයෙන් දරුණු වීම හෝ අසාමාන්‍ය ලෙස කල්පැවතීමක් සිදු වේ නම් එවැනි රෝගීනුත් රෝහල් ගත කිරීම පිළිබඳ සලකා බැලීම සිදු වෙනවා.මෙවන් අවස්ථාවකට ඔබ හෝ ඔබ විසින් රැකබලාගන්නා කොවිඩ් ආසාදිත පුද්ගලයා පත්වුවහොත් හැකි ඉක්මනින් වෛද්‍ය උපදෙස් ලබාගෙන ඒ අනුව කටයුතු කිරීම ඉතා වැදගත්. මේ හැර උණ සහ අනෙකුත් සුළු රෝග ලක්ෂණ සඳහා නියමකෙරෙන ඖෂධ නිවසේ සිටම ලබාගැනීම කළ හැකියි.
ඉහත සඳහන්කල කිසිම රෝග ලක්ෂණයකින් හෝ සරළ පරීක්ෂාවකින් කොවිඩ්-19 රෝගය වැළඳී ඇති බව නිගමනය කරන්න නොහැකි බවත්, රෝග නිශ්චය කළ හැක්කේ වෛද්‍ය උපදෙස් මත නිසි අවස්ථාවේ සිදු කෙරෙන PCR හෝ රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණ මඟින් පමණක් බවත් මෙහි දී අවධාරණය කළ යුතුයි.
උපුටා ගැනිම
Health Promotion Bureau (facebook_page)
#COVID19SL #COVID19Lk #SriLanka
COVID රෝගීයකුගේ ශ්වසනය පහසු කරවීමට සුදුසුම ඉරියව්

COVID -19 වෛරසයේ ඩෙල්ටා ප්‍රභේදය මේ වන විට රටපුරා සීඝ්‍ර පැතිර යාමක් සිදුවෙමින් පවතින බව ඔබ දන්නවා. මේ පසුබිම තුළ ආසාදිත පුද්ගලයින් හට රෝහල් තුළ ප්‍රතිකාර කිරීමට සමගාමීව රෝග ලක්ෂණ නොදක්වන හා සුළු රෝග ලක්ෂණ සහිත ආසාදිතයන් හට තම නිවසෙහි ම රැඳී ප්‍රතිකාර ලබා ගැනීමට වැඩපිළිවෙලක් සකස් කර තිබෙනවා.
නිවසේ රැඳී ප්‍රතිකාර ලැබීමේ දී රෝග ලක්ෂණ උත්සන්න වීම කලින්ම හඳුනා ගැනීම, ඉතාමත්ම වැදගත් වනවා. විවේකීව සිටියදී හෝ සුළු මහන්සි වීමකින් පසුව, හුස්ම ගැනීමේ අපහසුතාවයක් හෝ හතියක් ඇතිවීම මෙහි දී, වහාම රෝහල්ගත වීමට හේතුවක් සේ සැලකෙනවා. එමෙන්ම රුධිරයේ ඔක්සිජන් මට්ටම, විවේකීව සිටියදී හෝ සුළු මහන්සි වීමකින් පසු 96% කට වඩා, අඩු වේ නම්, එයත් තව දුරටත් නිවසේ රැඳී සිටීමට සුදුසු තත්වයක් නොවේ. යම්කිසි කෙනෙක් නිවෙස් ගත COVID-19 ප්‍රතිකාර සම්බන්ධීකරණ පද්ධතියෙහි ලියාපදිංචි වීමෙන් පසුව මෙවන් තත්ත්වයක් ඇති වුවහොත් වහාම අදාල වෛද්‍ය කණ්ඩායමට දැනුම් දිය යුතුයි. ඉන්පසුව එම වෛද්‍ය කණ්ඩායම විසින් විශේෂඥ වෛද්‍යවරුන් සමඟ සාකච්ඡා කිරීමෙන් අනතුරුව එම රෝගියා වහාම රෝහලකට ඇතුළත් කිරීමට කටයුතු කෙරෙනවා ඇති.
එසේ රෝහලකට ඇතුල් කිරීම සම්බන්ධීකරණය කිරීමට ගත වන කාලය ඇතුළත හුස්ම ගැනීමේ අපහසුතාවය පවතින්නේ නම් රෝගියා හට පහත ආකාරයට ඉරියව් වෙනස් කිරීමෙන් එම හුස්ම ගැනීමේ අපහසුතාව යම් දුරකට අවම කරගන්න පුළුවන්.
මෙම රූප සටහනේ දැක්වෙන ආකාරයට සෑම පැය 2 කට වරක් ම
⦾ විනාඩි 20-30 මුනින් අතට ද, ( ගර්භනී කාන්තාවන් හා ස්ථුල පුද්ගලයන් විසින් මෙම ඉරියව්ව මග හැරිය යුතු වේ)
⦾ විනාඩි 20-30 දකුණු ඇලයට ද,
⦾ විනාඩි 20-30 වාඩි වී ද,
⦾ විනාඩි 20-30 වම් ඇලයට ද ,
ස්ථානගත වීමෙන් මෙම අපහසුතාවය අවම කරගැනීමට පුළුවන්.
මෙය ලොව පුරා COVID - 19 ප්‍රතිකාර මධ්‍යස්ථාන වල හුස්ම ගැනීමේ අපහසුතාව අවම කරගැනීමට භාවිතා වන එක් සරළ උපක්‍රමයක්.
එහෙත් මෙහිදී තදින් ම අවධාරණය කළ යුතු සහ වඩාත්ම වැදගත් කාරණය වන්නේ, හැකි ඉක්මනින් ම මේ සඳහා වෛද්‍ය උපදෙස් ලබා ගනිමින් ලැබෙන උපදෙස් වලට අනුකූලව රෝහල් ගත වීමට කටයුතු කිරීමයි.
රට පුරා ශීඝ්‍රයෙන් පැතිර යන නව කොරෝනා වෛරසයෙන් ගැලවී, එම රෝග ආසාදනය නිසා සිදුවන විවිධ අපහසුතා වලින් මිදීමට ඔබ මේ අවස්ථාවේ ගත යුතු වඩාත්ම වැදගත් පියවර වන්නේ සියලු අත්‍යාවශ්‍ය නොවන ගමන් බිමන් හා හමුවීම් වහාම නවතා දැමීමයි. මෙම අභියෝගාත්මක කාල පරිච්ඡේදය පුරාවට පුරවැසියන් ලෙස අපේ වගකීම පිළිබඳ සැළකිලිමත් වුවහොත් සුවපත් අනාගතයක් ඉක්මනින්ම උදා කරගැනීමට අපට හැකිවනු නොඅනුමානයි.
උපුටා ගැනිම
Health Promotion Bureau (facebook_page)
#COVID19Lk #COVID19SL #SriLanka
- Time Frame for Approved Activities 2018
හඟුරන්කෙත ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ රාජ්‍ය නිළධාරීන් සඳහා කොව්ඩ්-19 එන්නත් කරණ වැඩ සටහන.




































