“සුපිළිපන් සංස්කෘතියක් – ක්ලීන් ශ්‍රී ලංකාවක්” උදෙසා ජාතික සුපිළිපන් සතිය 2026 ජුලි 27 වන දින සිට ජුලි 31 වන දින දක්වා ක්‍රියාත්මක වේ.
ශ්‍රී ලංකාවේ සමස්ත රාජ්‍ය සේවයේම ගුණාත්මකභාවය, කාර්යක්ෂමතාව සහ පාරදෘශ්‍යභාවය ඉහළ නැංවීම මෙන්ම දුෂණයන්ගෙන් තොර ආර්දශමත් පරිපාලන ව්‍යුහයක් ගොඩනැගීම වර්තමාන රජයේ ප්‍රමුඛතම අභිලාෂය වී ඇති අතර, මෙම අරමුණ සාක්ෂාත් කර ගැනීම උදෙසා ක්‍රියාත්මක වන ක්ලීන් ශ්‍රී ලංකා ජාතික වැඩසටහන හා ඒකාබද්ධ වෙමින් රාජ්‍ය සේවයේ ආචාරධර්මීය වටිනාකම් ශක්තිමත් කිරීම අත්‍යවශ්‍ය කරුණක් බවට පත්වතිබේ.
මීට සමගාමිව හඟුරන්කෙත ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ප්‍රාදේශීය ලේකම්තුමාගේ ප්‍රධානත්වයෙන් සියලුම නිලධාරින්ගේ සහභාගීත්වයෙන් සුපිළිපන් දිවුරුම/ප්‍රතිඥාව 2026.07.27 වන දින හඟුරන්කෙත ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සහශ්‍රක ශාලාවේ දී ලබා දෙන ලදි.




















