2025 ලෝක පරිසර දිනය
"දළුලන්න ඉඩ දෙනන්න" තේමාව මුලික කරගනිමීන් 2025 ලෝක පරිසර දිනයට සමගාමීව හඟුරන්කෙත ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ ප්‍රධාන වැඩසටහන රිකිල්ලගස්කඩ එළිමහන් රංග පිඨය ඇතුළු පරිශ්‍රය පිරිසිදු කර ඖෂධ පැළැටි සහ රුක් රෝපනය කිරිමේ වැඩසටහනක් 2025-06-06 වන දින පැවැත්වීය.
මේ සදහා නුවරඑළිය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු ආර්.ජී.රංජිත් විජේරත්න මැතිතුමා, හඟුරන්කෙත ප්‍රාදේශීය ලේකම්තුමා,හඟුරන්කෙත ප්‍රාදේශීය සභාව,හඟුරන්කෙත පොලිසිය,හඟුරන්කෙත සමෘද්ධි මහ සංගමය,හඟුරන්කෙත සමෘද්ධි මුලස්ථානය,ගොවි ජනසේවා කාර්යාලය,ජාතික තරුණ සේවා සභාව,මධ්‍යම පරිසර අධිකාරිය,තරුණ සේවා නිලධාරින්, පොරමඩුල්ල ජාතික පාසලේ පරිසර නියමු කණ්ඩායම,රිකිල්ලගස්කඩ වෙළඳ සංගමය,හඟුරන්කෙත ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ නිලධාරීන්,විවිධ රාජ්‍ය ආයතන වල නිලධාරීන්,ගොවිජන සංවිධාන මෙන්ම ප්‍රදේශවාසීන්ගේ සහභාගීත්වයෙන් සාර්ථකව සිදු කරන ලදි.



















