ජාතික උප්පැන්න සහතික ලබා දිමේ වැඩසටහන
ඉ - ජනගහන ලේඛන වැඩසටහන යටතේ ජාතික උප්පැන්න සහතික නැතිනම් ඩිජිටල් උප්පැන්න සහතිකය නිකුත් කිරිමේ ප්‍රථම අදියර ලෙස 2025-06-11 වන දින හඟුරන්කෙත ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සහශ්‍රක ශාලාවේ දී පැවැත්විය.
ජාතික උප්පැන්න සහතික නැතිනම් ඩිජිටල් උප්පැන්න සහතිකයේ විශේෂත්වය වන්නේ එය QR කේතයකින්ද සමන්විත විම.එනම් එම පුද්ගලයාගේ තොරතුරු සුරක්ෂිත දත්ත ගබඩාවක තැන්පත් විමයි තවද විවිධ කරණා සදහා ඉංග්‍රිසි මාධ්‍යන් උප්පැන්න සහතියක් අවශ්‍ය වු විට එය ඉංග්‍රිසි භාෂාවට පරිවර්තනය කිරිමට සිදු වේ නමුත් මෙම නව ඩිජිටල් උප්පැන්න සහතිකයේ ඉංග්‍රිසි මාධ්‍යයෙන්ද තොරතුරු ඇතුලත් විම නිසා කටයුතු පහසු කරයි.ඩිජිටල් යුගයකට පරිවර්තන ගමන්මගෙහි මෙය තවත් සුවිශේෂි සන්ධිස්ථානයක් ලෙස හදුන්වා දිය හැකිය.



















