හෙළ රස දැක්ම 2025
2025 රාජ්‍ය වෙසක් වැඩසටහනට සමගාමීව දේශීය ආහාර ප්‍රවර්ධනය කිරීම යටතේ "හෙළ රස දැක්ම" ප්‍රදර්ශනය හා වැඩසටහන හඟුරන්කෙත ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සහශ්‍රක ශාලාවේදී පැවැත්විණ.
හඟුරන්කෙත ආයුර්වේද සංරක්ෂණ සභාව හා කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ මධ්‍යම පළාත් හඟුරන්කෙත කාර්යාලයේ මූලිකත්වයෙන් සිදු කල මෙම වැඩසටහන සඳහා හඟුරන්කෙත ආයුර්වේද ප්‍රජා සෞඛ්‍ය කාර්යාලය, සිල් සුවඳයි හෙළ දිවියයි ජාතික සංවිධානය ඇතුළු ආයතන රැසක් සහයෝගය ලබා දුනි.
මෙම වැඩසටහන සඳහා නුවරඑළිය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ආර්.ජී.රංජිත් විජේරත්න මැතිතුමා, බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල් ආර්.එම්.ඒ.රත්නායක මහතා, නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් ආර්.ඒ.ඩී.ටී.එන්.තෙන්නකෝන් මහත්මිය ඇතුළු ආරාධිත අමුත්තන් රැසක් මේ සඳහා සහභාගී විය.
හඟුරන්කෙත ප්‍රාදේශීය ලේකම් වයි.එම්.ඒ.මිහිරාන් බණ්ඩාර මැතිතුමාගේ පූර්ණ අධීක්ෂණය යටතේ සිදුකල මෙම වැඩසටහන හා ප්‍රදර්ශනය නැරඹීම සඳහා පාසල් දරුදැරියන් ඇතුළු ප්‍රදේශවාසීන් රැසක් පැමිණෙනු දක්නට ලැබුණි.





















