නිවසේ සිටම ප්‍රතිකාර ලබාගන්නා COVID-19 රෝගියෙකු, වහාම රෝහල්ගත කළ යුත්තේ කුමන අවස්ථාවකදී ද?

news 123

නිවසේ සිට ප්‍රතිකාර ලැබීමට සුදුසු බවට තෝරාගෙන ලියාපදිංචි කිරීමෙන් අනතුරුව, නිවසේ සිට ප්‍රතිකාර ලැබීමට සුදුසු බවට තෝරාගෙන ලියාපදිංචි කිරීමෙන් අනතුරුව, වෛද්‍ය උපදෙස් අනුව COVID-19 රෝගයට ප්‍රතිකාර ලබන අයෙක් විශේෂයෙන් සැලකිලිමත් විය යුතු කරුණු කිහිපයක් තිබෙනවා.
⦾ උපරිමයෙන් විවේක ගැනීම,⦾ ප්‍රමාණවත් ලෙස ජලය පානය කිරීම,⦾ පෝෂ්‍යදායී සමබර ආහාර වේලක් ගැනීම,සහ⦾ රෝගය උත්සන්න වන බවට වන ලක්ෂණ පිළිබඳ අවධානයෙන් සිටීම මේවායින් ප්‍රධාන වනවා.
විවේකීව සිටියදී හෝ අඩි දහයක් දොළහක් පමණ ඇවිද යද්දී හති වැටේ නම් හෝ හුස්ම ගැනීමට අපහසු බවක් දැනේ නම්, එය එම රෝගියා වහාම රෝහල්ගත කළ යුතු තත්ත්වයක සිටින බව බව පෙන්නුම් කරන ප්‍රධානතම ලක්ෂණයක්. අට වාරයක් - දහ වාරයක් පමණ පුටුවකින් හිඳ ගැනීම හා නැගිටීම සිදුකිරීම හෝ වෙනත් සුළු ව්‍යායාමයක දී හතියක් ඇතිවේ දැයි පරික්ෂා කිරීමත් මෙහි දී කරන්න පුලුවන්.
රුධිරයේ ඔක්සිජන් සාන්ද්‍රණය මැනිය හැකි pulse-oximeter උපකරණයක් නිවසේ ඇත්නම් එය ආධාරයෙනුත් අපට රෝගියාගේ තත්වය ගැන අදහසක් ලබාගන්න පුලුවන්. මෙවැනි අවස්ථාවක සිරුරේ ඔක්සිජන් සාන්ද්‍රණය 96% ට වඩා අඩු අගයක් ගන්නා බවට පෙනේනම් වහාම රෝහල්ගත වීමට කටයුතු කළ යුතුය. එවන් උපකරණයක් නැතිනම් පෙර කී අවදානම් ලක්ෂණ පමණක් සලකා බලා වුවත් රෝහල්ගතවීම ගැන වෛද්‍ය උපදෙස් වෙත යොමු වීම ඉක්මනින් කළ යුතුයි.
මෙයට අමතරව,⦾ නිතර පවතින පපුවෙහි බර ගතිය හෝ පපුවේ වේදනාව⦾ තොල කට වියළී යාම, මූත්‍රා පිටවීම අඩු වීම වැනි විජලනයේ ලක්ෂණ⦾ සිහි කල්පනාව වෙනස් වීමයනාදී රෝග ලක්ෂණ ද කොවිඩ් ආසාදිතයෙකු වහාම රෝහල් ගත යුතු අවස්ථාවට පැමිණ ඇති බවට සාධක වෙනවා.
එමෙන් ම, රෝගියා මුල සිට පෙන්නුම් කළ රෝග ලක්ෂණ ක්‍රම ක්‍රමයෙන් දරුණු වීම හෝ අසාමාන්‍ය ලෙස කල්පැවතීමක් සිදු වේ නම් එවැනි රෝගීනුත් රෝහල් ගත කිරීම පිළිබඳ සලකා බැලීම සිදු වෙනවා.මෙවන් අවස්ථාවකට ඔබ හෝ ඔබ විසින් රැකබලාගන්නා කොවිඩ් ආසාදිත පුද්ගලයා පත්වුවහොත් හැකි ඉක්මනින් වෛද්‍ය උපදෙස් ලබාගෙන ඒ අනුව කටයුතු කිරීම ඉතා වැදගත්. මේ හැර උණ සහ අනෙකුත් සුළු රෝග ලක්ෂණ සඳහා නියමකෙරෙන ඖෂධ නිවසේ සිටම ලබාගැනීම කළ හැකියි.
ඉහත සඳහන්කල කිසිම රෝග ලක්ෂණයකින් හෝ සරළ පරීක්ෂාවකින් කොවිඩ්-19 රෝගය වැළඳී ඇති බව නිගමනය කරන්න නොහැකි බවත්, රෝග නිශ්චය කළ හැක්කේ වෛද්‍ය උපදෙස් මත නිසි අවස්ථාවේ සිදු කෙරෙන PCR හෝ රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණ මඟින් පමණක් බවත් මෙහි දී අවධාරණය කළ යුතුයි.

උපුටා ගැනිම

Health Promotion Bureau (facebook_page)
#COVID19SL #COVID19Lk #SriLanka

Scroll To Top